Monday, May 7, 2012

හත්මාළුව බ්ලොග් කියවනය දැන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙස.

හත්මාළුව බ්ලොග් කියවන්න දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් පුළුවන්. මේ සඳහා මේ සබැඳියෙන් එම ඇප් එක ලබාගන්න පුළුවන්. මේ සඳහා ඇන්ඩ්‍රොයිඩ් 2.2 හෝ ඊට පසු නිකුත් වූ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් තිබීම ප්‍රමාණවත් වෙනවා. root කිරීම හෝ සිංහල fonts ස්තාපිතව තිබීමට අවශ්‍ය වන්නේ නැහැ.
තිරපිටපත්.
latest
බ්ලොග් ලිපියේ සාරාංශය මත ටැප් කිරීමෙන් සම්පූර්ණ ලිපිය කියවන්න පුළුවන්.
latest2
‍‍ලෝඩ් වෙන්නෙ හෙමිහිට නම් settings මඟින් optimized mode ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්.

Get it on Google Play

Thursday, October 13, 2011

නවතම බ්ලොග් ලිපි එසැනින්

හත්මාළුව බ්ලොග් කියවනයේ නවතම බ්ලොග් ලිපි එසැනින් පහසුකම දැන් ක්‍රියාත්මකයි. ඒ අනුව හත්මාළුව බ්ලොග් කියවනයට එකතු වූ ඕනෑම බ්ලොග් අඩවියක අලුත් ලිපියක් ලියූ සැනින් එය හත්මාළුවට එකතු වී පෙන්වෙනු ඇති. මේ සඳහා බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නාගේ කිසිදු මැදිහත්වීමක් අවශ්‍ය නොවේ. මේ සඳහා අප භාවිතා කරන්නේ තවමත් පර්ෙය්ෂණ මට්ටමේ පවතින තාක්ෂණයක් වන අතර එහිදී අඩුපාඩු ඇතිවිය හැකියි.
නව ක්‍රමවේදය අනුව කාලයක් ලිපි නොලියූ අඩවි සර්වර් සම්පත් කෙරෙහි ඍජු බලපෑමක් නොකරන හෙයින් එවා ඉවත් නොකර තබා ගැනීමට අප තීරණය කලා.
එහෙත් කතෘ විසින් මකාදමන ලද බ්ලොග් අඩවි ස්වයංක්‍රීයව ඉවත් කරනු ලැබුවා. ඉදිරියටත් එය එසේම වේවි.
නව අඩවියට ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් වී දැයි බැලීමට http://www.hathmaluwa.org/blog-list හි බ්ලොග් ලැයිස්තුව යොදාගන්න. මෙහි ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් නොවේ නම් කරුණාකර ඔබගේ බ්ලොග් අඩවිය නැවත ඇතුලත් කිරීමට http://www.hathmaluwa.org/node/add/feed  පෝරමය පුරවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ස්තුතියි...

Saturday, October 1, 2011

අපේක්‍ෂිත පද්ධති අක්‍රීය කාලයක් | Expected System Down-time

හත්මාළුව බ්ලොග් සින්ඩිකේටරය වෙතින් නවතම බ්ලොග් ලිපි එසැනින් ලබා දීමේ තාක්‍ෂණය අන්තර්ගත කිරීමේ ක්‍රියාවලිය දැන් අවසාන අදියර වෙත පැමිණ ඇත. අද (01) රාත්‍රිය තුළ එකී අවසන් සැකසුම් කටයුතු සිදුවන බැවින් වෙබ් අඩවිය භාවිතා කිරීමේ ගැටළු බලාපොරොත්තු විය හැක.

මතුවන එවන් ගැටළු පිළිබඳ කණගාටුව පළ කරමු.

වඩාත් ගුණාත්මක සේවාවක් සමගින් නැවතත් හත්මාළුව හෙට දින සිට ඔබ වෙනුවෙන්ම විවෘතයි!
තාවකාලිකව http://si.hathmaluwa.appspot.com/ , http://en.hathmaluwa.appspot.com/ සහ http://ta.hathmaluwa.appspot.com/ ඔස්සේ හත්මාළුවට පිවිසිය හැකිය.

Process of integration instant blog post update to Hathmaluwa blog syndicator has come to it's final stage. You may experience system down-times during this (01) night.
(during the downtime you can use http://si.hathmaluwa.appspot.com/ , http://en.hathmaluwa.appspot.com/ and http://ta.hathmaluwa.appspot.com/ to access hathmaluwa)

We're sorry about such issues.

Hathmaluwa is ready for you with improved service from tomorrow on!

Wednesday, June 22, 2011

හත්මාළුව නව මුහුණුවරකින්..

හත්මාළුව Google තුලට ගෙනයාමත් සමග කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සමග ඔබට සේවය සැපයීමට සූදානම් බව දැනුම් දෙන්නේ සතුටින්. අද සිට ඔබට නව පහසුකම් කිහිපයක් හත්මාළුව තුලින් සපයා ඇත.

සෑම මිනිත්තු තිහකටම වතාවක් ඔබගේ බ්ලොග් අඩවි වල නව සටහන් සොයා බලා හත්මාළුවට ඇතුලත් කිරීම. කලින් පැයකට වරක් යාවත්කාලීන වුන හත්මාළුව දැන් මිනිත්තු 30කට සැරයක් යාවත්කාලීන වේ. දැන් ඔබේ අඩවියේ ලිපියක් පැය බාගයක් හෝ ඊට අඩු කාලයක් ඇතුලත හත්මාළුවෙන් දර්ශනය වේ

භාෂාව වෙනම සඳහන් කිරීමකින් තොරව අදාල පෝෂකය ලබා දුන් පමණින් භාෂාව හඳුනාගෙන අදාල කාණ්ඩයට ඇතුලත් කිරීම 
ඔබේ බ්ලොග් එක පවතින භාෂාව අනුව පෙර වෙනම ඇතුලත් කිරීම් සිදුකල යුතුව තිබූ අතර දැන් නව වෙනස්කම යටතේ හත්මාළුව භාෂාව ස්වයංක්‍රීයව අදාල භාෂාව යටතේ වර්ගීකරණය සිදුකරයි.


ඔබගේ බ්ලොග් අඩවියේ නමෙන් පෝෂක ලිපිනය හඳුනා ගැනීම
පෝෂක ලිපිනය ඔබ විසින් ලබා නොදුන්නද හත්මාළුව ස්වයංක්‍රීයව එය හඳුනා ගන්නා අතර පෝෂක ලිපින සෙවීමේ ගැටළුව බ්ලොග් හිමියන්ට දැන් වදයක් නොවේ. ඔබ විසින් බ්ලොග් අඩවි ලිපිනය පමණක් ඇතුලත් කිරීම සෑහේ..

අපේ උත්සාහය ඔබට හොඳම දේ ලබාදීමටය..
ස්තූතියි.. 
෴ හත්මාළුවේ අපි෴

Wednesday, June 1, 2011

අවුරුද්දක්...

නොදැනීම අවුරුද්දක් ගෙවිලා ගියා. ගෙවීගිය අවුරුද්දක කාලය පුරාවට හත්මාළුව ඇතුලෙදී පුද්ගල සඳහන් කලානම් ඒ බොහොම කලාතුරකින් අත්‍යාවශ්‍ය කරුණකදී. ඒ හත්මාළුව පටන්ගත්දීම අපි ඇතිකරගත් එකඟතාවයක්. ඒත් දැන් අපි අවුරුද්දක සාර්ථක ගමනක් ඇවිත්,  බොහෝවිට හත්මාළුවට සෑහෙන්න උදව් කල අයගෙ නම් කවදාවත් කියවෙලා නැහැ. ඒ සාර්ථකත්වයට උදව් දුන්න අයට ස්තුති කරන්න  මේ බ්ලොග් ලිපිය වෙන්වේවි.
  • හත්මාළුව මුල් වෙබ් අඩවියේ මුල් පිටුව නිර්මාණය කලේ ලසිත හෙවත් ආගන්තුකයා. ඇඩ්මින්වරයෙක් විදියටත් ඉන්නවා. 
  • official උනත් අන්ඔෆිෂියල්  නිල බ්ලොග් අඩවිය නිර්මාණය කලේ චමිල හෙවත් පිටස්තරයා
  • පරිවර්ථන වැඩ ටික කරලා දුන්නේ අපිත් එක්ක intern හිටපු හැරිසන්, සුලක්ෂි හා ශෙලානි 
  • ගින්දර වගේ අලුත් වෙබ් අඩවිය design කලේ ලිෂාන්.
  • ඇඩ්මින් වරයෙකු විදියට සුපුන් බුදාජීව කටයුතු කරනවා.  
  • නමක් නැතුව දහඅතේ කල්පනා කරනකොට හත්මාළුව නම යෝජනා කලේ. සුපුන් සුදාරක
  • ඩොමේන් වැඩ ටිකට උදව් කලේ ගයාන් කල්හාර. 
  • දැනට බ්ලොග් 1000ක් විතර හත්මාළුවේ තියෙනවා. ඒ බ්ලොග් ලියන හැමෝටමත් හත්මාළුව කියවන අයටත් ස්තුතියි. 
මටම(පහනා.) ස්තුති කරගන්න එක තේරුමක් නෑනේ. ඒ නිසා මගේ පංපෝරි ඕන නැහැ. 
හත්මාළුව ගැන යෝජනා, චෝදනා, ගල්, මුල්, මල් ඕන එකක්  තියෙනවා නං දාන්න.  

Sunday, April 24, 2011

හත්මාළුව නව මුහුණුවරකින් | hathmaluwa moves to google app engine


පසුගිය මාස කිහිපය පුරාවට අපගේ ගත් උත්සහයක ප්‍රතිඵලයක් විදියට හත්මාළුව අඩවිය අලුත් කරන්න අපට හැකියාව ලැබුනා. නව අඩවිය සම්පූර්ණයෙන්ම google app engine  මත ඉදිවූවක්. ස්තාපනය කර තිබෙන්නේ google සර්වර තුලයි. වඩා විශ්වාසදායී සම්පත් හා තාක්ෂණයන් යොදාගැනීමෙන් හත්මාළුව බ්ලොග් කියවනය වෙනදාටත් වඩා කාර්යක්ෂමව ක්‍රියාකරනු ඇති  බව දැනුම් දෙන්නේ ඉතාමත් සතුටින්. ‍
නව අඩවිය මාරුවීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින නිසා ඒ අතරතුරේදී අඩවියට පිවිසීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.

නව අඩවිය හැඩගැන්වීමෙන් දායක වූ ලිෂාන් පුවක්ඕවිට සොයුරාට අපගේ ස්තුතිය.

We are happy to inform you all that we are moving hathmaluwa to google's infrastructure using google app engine. Using more reliable resources we hope hathmaluwa will be more faster and efficient. We apologize any inconvenience in accessing the website  during transition period of time.
many thanks to Lishan who did the graphic design for hathmaluwa.

Saturday, December 25, 2010

දෝශ සහිත බ්ලොග් අඩවි පිළිබඳව දැනුම් දීම

පහත දැක්වෙන බ්ලොග් අඩවි වල දෝශ පැවතීම හේතුකොට ගෙන හත්මාලුව බ්ලොග් කියවනයෙන් තාවකාලිකව ඉවත් කරන ලදී. මෙම අඩවි වල හිමිකරුවන්ට admin@hathmaluwa.org මඟින් අපව සම්බන්ද කරගන්නා ලෙස ඉල්ලා සිටිමු.
Following list of blogs are temporarily removed due to defects they contain. We kindly request blog owners to contact us through admin@hathmaluwa.org. 



URL
language
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
e
s
s
e
s
s
s
s
s
e
s
e
e
s
s
e
s
s
s
s
e